2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරන ගොවීන්ට පොහොර මූල්‍ය සහනාධාර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින් 2025 යල කන්නයේ කුඹුරු ඉඩම්වල වී වගා කරන ගොවීන් සඳහා සහ කුඹුරු ඉඩම්වල වෙනත් මාදිලියේ බෝග වගා කරන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර රජය විසින් ලබාදීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව 2025 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා ලබාදීමට නියමිතයි.
එමෙන්ම කන්න රැස්වීම්වලදී තීරණය කරන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර බෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)