'කැලිප්සෝ දුම්රිය' නානුඔය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය ගෙන තිබෙනවා.
ඒ මගීන්ගෙන් පවතින ඉල්ලුම හේතුවෙන්.
දුම්රිය සාම්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ අප්‍රේල් 8වනදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ල සිට නානුඔය දක්වා එම දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බවයි.
මීට පෙර කැලිප්සෝ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා දෛනිකව ධාවනය කළා.
මෙම දුම්රිය දෙමෝදර ප්‍රදේශයේ සහ ඇල්ල ආරුක්කු 9 පාළම මත මිනිත්තු 10 බැගින් නතර කර සංචාරකයන්ට අවට සිරි නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
(colombotimes.lk)