22 March 2025


චමෝද්ගේ බලාපොරොත්තුවක් බොඳවෙයි



චීනයේ නැන්ජිංහි පැවැත්වෙන ලෝක ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 60 ධාවන ඉසව්වේ අවසන් තරගයට එක්වීමේ අවස්ථාව චමෝද් යෝධසිංහ හට අහිමි වී තිබෙනවා.

ඒ ඔහු අවසන් පූර්ව තරගයේදී අවසන් තරගකරු ලෙසින් තරගය නිම කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් චමෝද් එම ඉසව්වේ මූලික වටයේ තරගයේදී 3වන ස්ථානය හිමි කර ගැනීමට සමත්වුණා.

(colombotimes.lk)