ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ (17) නිකුත් කර තිබෙනවා.
ඒ ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර් රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්.
2018 පෙබරවාරි 08වනදා නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරමින් 2025 ජූලි 17වනදා නව මාර්ගෝපදේශයන් මෙලෙස මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට අනුව 2018 වසරේ මාර්ගෝපදේශයන්හී දැක්වුණු ආකාරයේ ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් හා වෙනත් යනාදී වශයෙන් බලශක්ති ප්‍රභවය අනුව කර තිබූ වර්ගීකරණයන් මෙම නව 2025 මාර්ගෝපදේශයෙන් ඉවත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ පිළිබඳව නිකුත් කළ දත්ත සටහන පහතින්,
(colombotimes.lk)