16 April 2025


සැප්තැම්බර් සිට අබුඩාබි සහ BIA අතර ලාභ ගුවන් ගමන්



බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) සහ අබුඩාබි ගුවන් තොටුපළ අතර කාලසටහන්ගත අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) ඊයේ 'Air Asia Abu Dhabi' ගුවන් සේවයට විදේශ ගුවන් මෙහෙයුම් සහතිකය ප්‍රදානය කළා. 
 
ගුවන් සමාගමේ ආයතනික ව්‍යුහය, ගුවන් මගීන්ගේ ආරක්‍ෂාව සහ කාර්යක්‍ෂම ගුවන් ගමන් මෙහෙයුම් සහතික කිරීම සඳහා පවත්වනු ලබන වැඩසටහන් පිළිබඳව ඉහළ අවධානයක් යොමු කර තිබෙනවා. 
 
මෙම ගුවන් සමාගම සැප්තැම්බර් මස මැද සිට සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.
(colombotimes.lk)