18 January 2025


චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කරයි



ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේදී අත්සන් කළ ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා.
 
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ  මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව 2024 වසරේ දෙසැම්බර් මාසයේදී එය දීර්ඝ කළ බවයි.
 
චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව මෙම ගිවිසුමෙන් නිරූපණය කරන බවද එම ගිවිසුමේ සඳහන් වනවා.

(colombotimes.lk)