21 March 2025


චීනය කැනේඩියානුවන් 04කට මරණ දඬුවම් නියම කරයි



චීනය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වූ කැනේඩියානු ජාතිකයන් සිව්දෙනෙක්ට මරණ දඬුවම නියම කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් සියලුදෙනාම ද්විත්ව පුරවැසිභාවය සහිත පිරිස් බව කැනේඩියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇති බවයි.

චීනය මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලැබුව ද විදේශිකයන් සඳහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
 
කෙසේවෙතත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)