31 May 2025


කොළඹ ආනන්දයේ ISAC 2025 සඳහා නිල ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය Colombo Times වෙතින්



ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් පවත්වන ප්‍රමුඛ පෙළේ නිවේදක තරගාවලිය වන ISAC 2025 ලබන ජුනි මස 1වනදා පැවැත්වෙනවා.

කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රවෘත්ති විකාශන ඒකකය විසින් සංවිධානය කරන මෙම සමස්ත ලංකා අන්තර් පාසල් නිවේදන තරගාවලිය ආරම්භ වූයේ 2001 වසරේදීයි.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පාසල් රැසක් සහභාගී කරගනිමින් ISAC තරගාවලිය ක්‍රියාත්මක වන අතර 2010 වසරේ සිට මෙම තරගාවලිය ශ්‍රී ලංකා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනවා. 

ගුණාත්මක සහ දක්ෂතාවලින් පිරිපුන් මාධ්‍ය අංකුර බිහිකරන මෙම ISAC තරගාවලිය සඳහා මෙවර නිල ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ Colombo Times මාධ්‍ය ජාලයයි.

ISAC 2025 තරගාවලිය ලබන ජුනි මස 1වනදා කොළඹ ආනන්ද විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර මේ පිළිබඳ උණුසුම් තොරතුරු ඔබට වාර්තා කිරීමටද අප සූදානම්.

(colombotimes.lk)