06 May 2025


Colombo Times අවුරුදු කුමරිය ලෙස නෙතිනි සහංසා අභිසෙස් ලබයි



පන්නිපිටිය පැලැන්වත්ත වසන්ත උදානයට සමගාමීව අප විසින් සංවිධානය කළ Colombo Times අවුරුදු කුමරිය 2025 තරගය පසුගිය (01) වනදා සවස්වරුවේ අති සාර්ථකව පැවැත්වුණා.

ඒ පැලැන්වත්ත මහවත්තේදීයි.  

Colombo Times අවුරුදු කුමරිය - 2025 තරගයට සහභාගීවීම සඳහා තරුණියන් විශාල පිරිසක් පැමිණියා.

නමුත් ඒ අතරින් Colombo Times අවුරුදු කුමරිය කිරුළ හිමිකර ගත්තේ නෙතිනි සහංසායි.

එමෙන්ම තරගයේ දෙවන ස්ථානය කේ. ඒ. ශලිනි හිමාෂා හිමි කර ගත් අතර තෙවන ස්ථානය හිමි කර ගැනීමට නතීෂා නෙත්මි සමත් වුණා.

Colombo Times අවුරුදු කුමරිය - 2025  තරගයේ ජයග්‍රාහිකාවන් වෙත වටිනා මුදල් ත්‍යාග මෙන්ම සමරු තිලිණද ප්‍රධානය කිරීමට අප කටයුතු කළා.

ජයග්‍රහණය කළ අවුරුදු කුමරියන්ට Colombo Times සංස්කාරක මණ්ඩලයෙන් උණුසුම් සුබ පැතුම් !

අවුරුදු කුමරිය තරගයේ විශේෂ අවස්ථා පහතින්,






(colombotimes.lk)