සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ එන බොහෝදෙනෙක් නොඉවසිල්ලෙන් බලාගෙන සිටින නැකතක් ලෙස ආහාර පිසීමේ නැකත හඳුන්වනවා.
මෙම නැකතේදී විශේෂයෙන්ම ප්‍රමුඛත්වය ගන්නේ ගම් ගෙවල්වල අම්මලා.
දූවරු සහා නෑණාවරු එකතු කරගෙන මෙතනදී අලුත් වස්ත්‍රාභරනයෙන් සැරසිලා සියලුදෙනා එකතු වී ආහාර පිසීමේ කටයුත්තේ නියැලීම සිදු කරනු ලබනවා.
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳ ද පිළියෙළ කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන්.
(colombotimes.lk)