“සිරි දළඳා වන්දනාව' සඳහා අප්‍රේල් 18වනදා සිට අද (27) දකවා පැමිණි සැදැහැවතුන්ගේ ගමන්මලු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් ඇතැම් සැදැහැවතුන් ගමන්මලු යම් ප්‍රමාණයක් නැවත භාර නොගෙන ඇති බවත් බවයි වාර්තා වන්නේ.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම ගමන්මලු භාරදුන් ස්ථානවලම සුරක්ෂිතව පවතින බවයි.
භාර නොගත් ගමන්මලු මහනුවර වැවරවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාමක වන ස්ථානය ඉදිරිපිටදී හෙට (28) සහ අනිද්දා (29) තුළ නැවත ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව එම ස්ථානයට පැමිණ අනන්‍යතාවය ඉදිරිපත් කර තමන්ගේ ගමන් බෑගය ලබාගන්නා ලෙස ජනතාවට දැනුම්දුන්නා.
(colombotimes.lk)