28 April 2025


ජනපති වියට්නාමයට



ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි මස මුලදී වියට්නාමයේ නිල චාරිකාවක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ එක්සත් ජාතීන්ගේ 20වන වෙසක් දින උත්සවයට සහභාගී වීම වෙනුවෙන්.

‘මානව ගරුත්වය සඳහා එකමුතුකම ඇතුළත් කිරීම : ලෝක සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය’ යන්න මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයේ ප්‍රධාන තේමාව බවයි වාර්තා වනේ.

එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම මැයි 6වනදා සිට 8වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

 (colombotimes.lk)