කොළඹ විශාඛා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන රනුලි විජේසිර්වර්ධන එකම වසරක් තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකෙන්ම විශිෂ්ට ලෙස සමත් වී තිබෙනවා.
ඇය 2024 මැයි මාසයේදී 2023 (2024) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අතර එහිදී ඉංග්‍රීසි සාහිත්‍යයෙන් A සාමාර්ථ 8ක් සහ B සාමාර්ථ 1ක් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව 2024 නොවැම්බර් මාසයේදී ඇය භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වී තිබෙනවා.
ඇයගේ දෙමාපියන් සඳහන් කළේ 10වන ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරන අතරතුර රනුලි එකවර උසස් පෙළ විෂය මාලාව සඳහා සූදානම් වූ බවයි.
ඒ අනුව ඇය විධිමත් පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වී පෞද්ගලික අපේක්ෂකයෙක් ලෙස විභාගය සම්පූර්ණ කර තිබෙනවා.
(colombotimes.lk)