01 July 2025

logo

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්ථානය සිදු කළ විශේෂ ඉල්ලීම



ජම්මු - කාශ්මීරයේ පහල්ගම්හිදී පුද්ගලයන් 26දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තරය විසින් පවත්වන ඕනෑම පරීක්ෂණයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට සූදානම් බව ඔහු ප්‍රකාශ කළ බවයි.

කිසිදු විමර්ශනයක් නොමැතිව ඉන්දියාව විසින් පාකිස්ථානයට දඬුවම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)