28 April 2025


මත්ද්‍රව්‍ය කිලෝ 494ක් විනාශ කිරීමට පියවර



නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494යි ග්‍රෑම් 48ක ප්‍රමාණයක් හෙට (28) විනාශ කිරීමට නියමිතව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ INSEE සිමෙන්ති සමාගමට අයත් දහන උඳුන තුළ එම මත්ද්‍රවය තොගය විනාශ කරන බවයි.

මෙරටින් නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලීසිය දෛනිකව මෙහෙයුම් සිදු කරනු ලබනවා.

(colombotimes.lk)