26 July 2025

logo

ආණ්ඩුවේ ප්‍රබලයන් 03කට අධිකරණයෙන් දුන් නියෝගය



පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචා කරන බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උදෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා අද (25) කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කර තිබෙනවා.

ඒ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

විමර්ශනයේදී අනාවරණය කරගත් ලේඛන කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම නඩුව ලබන අගෝස්තු 22වනදා නැවත කැඳවීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)