කොළඹ වරායේ නිෂ්කාශනය නොවූ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ එම භාණ්ඩ ගොඩගැසීමට විවිධ හේතු බලපා ඇති බවයි.
එම භාණ්ඩ වරායේ ගොඩගැසීමෙන් විශාල ඉඩ ප්‍රමාණයක් අපතේ ගොස් තිබෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඇතැම් අය බදු නොගෙවීම හේතුවෙන් එම භාණ්ඩ වරායෙන් නිදහස් කර නොමැති බවයි.
නිෂ්කාශයට අදාළ ලිපි ලේඛන නොමැති වීම හේතුවෙන් ඇතැම් භාණ්ඩ නිදහස් කරගැනීමටද නොහැකි වී තිබෙනවා.
අමාත්‍යවරයා කියා සිටියේ නිදහස් කර නොගත් භාණ්ඩ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවෙන් වරාය අධිකාරිය වාර්තාවක් ඉල්ලා ඇති බවයි.
(colombotimes.lk)