මල්වතු ඔය සහ යාන්ඔය තවමත් ගංවතුර තත්ත්වයේ පසුවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල විද්‍යා අංශයේ ඉංජිනේරු සකුරා දිල්තරා සඳහන් කළේ මල්වතු ඔය තන්තිරිමලේ ප්‍රදේශයෙන් තවදුරටත් මහ ගංවතුර මට්ටමේ පවතින බවයි.
අනුරාධපුර යාන්ඔය සුළු ගංවතුර තත්ත්වයේ තිබෙන බවද ඇය ප්‍රකාශ කළා.
එමෙන්ම මේ වන විට දිවයිනපුරා මහා වාරි ජලාශ 73න් 54ක් වාන් දමමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
මධ්‍ය පරිමානයේ ජලාශ 95%ක්ම මේ වන විට වාන් දමමින් පවතිනවා.
ඇය සඳහන් කළේ මේ අතර අම්පාර සේනානායක සමුද්‍රයේ වාන් දොරටු සියල්ල විවෘත කර තිබීම හේතුවෙන් ගල්ඔය ආශ්‍රිතව තිබූ ගංවතුර අවදානම තවමත් පවතින බවයි.
(colombotimes.lk)