20 January 2026

logo

නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්



කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදුදීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව අද (22) කැඳවා තිබෙනවා.

ඒ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදීයි.

අදාළ නඩුව සම්බන්ධයෙන් සැකකරුවෙක් ලෙස නම් කර ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද අද නඩුව කැඳවූ අවස්ථාවේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටීමට අධිකරණයට පැමිණියා.

එහිදී කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ එම සිදුවීමට අදාළව නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව ක්‍රිෂ් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය අධිකරණයේ පවත්වාගෙන යන නඩුව නීතිපති උපදෙස් සඳහා එළඹෙන ජුනි 04වනදා කැඳවීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කළා.

(colombotimes.lk)