01 July 2025

logo

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි



කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබෙනවා.  

පාර්ලිමේන්තුවේ මූලික කටයුතුවලින් අනතුරුව පෙරවරු10.00 - පෙරවරු 11.00 දක්වා කාලය තුළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ඉන්පසු පෙරවරු 11.30 සිට පස්වරු 3.30 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි ඇතුළු රෙගුලාසි හා නියෝග කිහිපයක් විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතයි.

අනතුරුව පස්වරු 3.30 - පස්වරු 5.30 දක්වා කාලය විරුද්ධ පාර්ශවය විසින් ගෙන එන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)