ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයන් මෙම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.
පොලිසීයේ ඇතැම් ස්ථාන මාරුවීම් සිදු කිරීමට පොලිස් කොමිසම මැලිකමක් දක්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා ප්‍රසිද්ධ රැලියකදී චෝදනාවක් සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් සහ පොලිස් කොමිසමේ වත්මන් වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වූ බවයි වාර්තා වන්නේ.
මෙහිදී සිය කොමිෂන් සභාවේ ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතලවලට අනුව නීත්‍යානුකූලව තමන් විසින් සිය රාජකාරී කටයුතු සිදු කරන බව ජාතික පොලිස් කොමිසම මෙහිදී ජනාධිපතිවරයාට දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)