23 January 2025


ගත වූ කාලසීමාවේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්



2025 වසරේ පළමු සති තුන තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 3499 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් බවයි වාර්තා වන්නේ.

එම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1576ක්.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි.

මේ වන විට දිවයිනේ ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම මේ වසරේ ඩෙංගු රෝගය වැළඳීමෙන් රෝගීන් දෙදෙනෙක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)