23 January 2025


ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් නියෝගයක්



සංක්‍රමණිකයන් පැමිණීම මැඩපැවැත්වීම සඳහා ඇමරිකා - මෙක්සිකෝ දේශසීමාවට සෙබළුන් 1500ක් යෙදවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.

ට්‍රම්ප් සිය ධූරයේ දිවුරුම්දීමෙන් පසු ලබාදුන් ප්‍රධාන නියෝගයක් වන්නේ ඇමරිකා - මෙක්සිකෝ දේශසීමාවේ අනවසර සංක්‍රමණිකයන් පැමිණීම මැඩපවත්වන බවයි.  

කෙසේවෙතත් මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු ගැටළුවක් බව මෙක්සිකෝ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

(colombotimes.lk)