colombotimes.lk
සිංහල | English

03 May 2024

Michaung සුළි කුණාටුව යන තැන ගැන කාලගුණයෙන් කියයි



‘Michaung’ (“මිජවුම්” )සුළි කුණාටුව තවදුරටත් තීව්‍ර වී ශ්‍රී ලංකාවෙන් වයඹ දෙසින් ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මෙම සුළි කුණාටුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ඉහළින් පවතින අතර එය දැනට යාපනයට කිලෝමීටර් 365ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 
 
ඒ අනුව ‘Michaung’ සුළි කුණාටුව උතුරු දෙසට ගමන් කර හෙට (5) පමණ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති. 
 
එබැවින් උතුර සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පසු මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)
May be an image of text
May be a graphic of map and text that says