සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ බස්නාහිර පළාත් සභාව එක්ව දින 03ක් පුරාවට ක්‍රියාත්මක කරන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නුගේගොඩ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේදී ආරම්භ කර තිබෙනවා.
මෙම අවස්ථාවේදී පළාත පුරා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කරන නිලධාරීන්ට අත්පත්‍රිකා ප්‍රදානය කිරීමද සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බස්නාහිර පළාතේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගුවනේ සිට හඳුනා ගැනීමට ඩ්‍රෝන යානා තාක්ෂණය යොදාගැනීමද සිදු කර තිබෙනවා.
(colombotimes.lk)