colombotimes.lk
සිංහල | English

22 June 2024

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් ඉහළට



ජනවාරි මාසයේ සිට මේ දක්වා වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 26,294 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වාර්තා කරනවා.

ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 9,675 ක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම මේ වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බැවින් තම නිවාස අවට පිරිසිදු කර ගනිමින් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙසටයි.
(colombotimes.lk)