19 March 2025


දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට



රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔහුව එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බවයි වාර්තා වන්නේ.

2023 වසරේදී මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබාසිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (19) උදෑසන සිය නීතීඥවරුන් සමඟ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණා.

අනතුරුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස නියෝග කළා.

(colombotimes.lk)