26 December 2024


ආපදා මරණ සංඛ්‍යාව තවත් ඉහළට



දිස්ත්‍රික්ක 24කට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 141,268කට අයත් පුද්ගලයන් 4,075,000කට පීඩා එල්ල වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 9,937කට අයත් පුද්ගලයන් 32,361ක් තවදුරටත් ආරක්‍ෂිත ස්ථාන 366ක රඳවා ඇති බවයි.

එමෙන්ම නිවාස 101කට පූර්ණ ලෙස හානි සිදු වී ඇති අතර නිවාස 2,591කට අර්ධ ලෙස හානි සිදු වී තිබෙනවා.

දිවයිනට බලපා තිබෙන මෙම අයහපත් කාලගුණයෙන් සිදු වූ බලපෑම්වලින් පුද්ගලයන් 15ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

(colombotimes.lk)