11 July 2025

logo

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්



විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ බලශක්ති අමාත්‍යාංශයේදීයි.   

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු වෘත්තීය සමිතිවල අවධානයට යොමු වන කරුණු රැසක් සාකච්ඡාවට ලක් කර තිබෙනවා. 

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගැනීම රජයේ ප්‍රතිපත්තිය බවත් මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හරහා කිසිසේත් සේවක අයිතිවාසිකම් අඩු කිරීමට හෝ කප්පාදු කිරීමට කටයුතු නොකරන බවයි.

(colombotimes.lk)