29 May 2025


Chef Ceylon | නිරෝගී බව පවත්වා ගැනීමට බොන්නම ඕනේ පානය



අතීතයේ සිටම කොළ කැඳ පානය ලාංකික ගැමියන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ ඖෂධීය පානයක් විදියට හදුන්වන්න පුළුවන්. මෙම පානය ඖෂධීය අතින් ඉතා වටිනා පානයක් නිසා මිනිසුන් නිරෝගී බව පවත්වා ගැනීම සදහා උදෑසන තේ කෝප්පය වෙනුවට කොළ කැඳ පානය සදහා පුරුදු වෙලා තියෙනවා. වැල්පෙනෙල කොළ කැඳ කියන්නෙත් ශරීරයට ගොඩක් හොඳ ඖෂධයක්.ඒ වගේම ස්නායු වර්ධනයට විශේෂ වූ ඖෂධයක් විදියට අපිට හදුන්වන්න පුළුවන්. ඉතින් අපි බලමු රසවත්ව කොළ කැඳ පැනයක් ඉක්මනින්ම වගේම හරියටම හදාගන්නේ කොහොමද කියලා.

 
අවශ්‍ය ද්‍රව්‍ය
 
- වැල්පෙනෙළ – 500g 
- කැකුළු හාල් – 50g 
- ගාගත් පොල් –50g 
- සුදු ළුණු බික් 2 
- අමු අඟුරු කැබැල්ලක් 
- ලුණු අවශ්‍ය පමණ
 
සාදාගන්නා ආකාරය
 
01) හාල් ගරා සෝදා වතුර වැඩියෙන් දමා හොඳින් බෙරි වෙන්න තම්බා ගන්න. 
 
02) හාල් තැම්බෙන විට සුදු ළුණු, අමු ඉඟුරු දමා බත් හැන්දෙන් පොඩි කරන්න. 
 
03) පිරිසිදු කර සෝදා ගත් වැල් පෙනෙල වලට වතුර අඬු කෝප්පයක් දමා කොටා මිරිකා පෙරාගන්න. 
 
04) වැල්පෙනෙළ ඉතිරි ටිකට පොල් දමා කොටා දෙවරක් මිරිකාගන්න. 
 
05) දැන් කොටා මිරිකාගත් පොල්කිරි දමා උතුරන්න හරින්න. 
 
06) ඊළඟට ලුණු සහ කොළ යුෂ දමා උතුරුවා බාගෙන විනාඩි 3ක් පමණ හැඳිගාන්න.
 
අපි දැන් පෝෂණ ගුණයෙන් පිරුණු වැල්පෙනල කොළ කැද හදලා ඉවරයි. ඔයාට හැමදාම උදේට හකුරු කෑල්ලක් එක්ක වුණත් බොන්න පුළුවන්.
 
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)