හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයකර නියෝග කර තිබෙනවා.
ඒ එළඹෙන ජූලි මස 7වනදා දක්වායි.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 03වන සැකකරු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)