අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත් වන අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ගේ මාර්තු මස වැඩිහිටි දීමනාව අදාළ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර තිබෙනවා.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ ප්‍රතිලාභී පවුල් 582,879කට එම මුදල හිමිවීමට නියමිත බවයි.
ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට එම මුදල් අද (19) සිට අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් මඟින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.