colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


වෙඩි හුවමාරුවකින් පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි



කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ  නාඳුනන වෙඩික්කරුවෙක් විසින් අද (19) උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ගත වූ  පැය 24 තුළ සිදු කළ සිව්වන වෙඩි තැබීම ලෙස මෙම සිද්ධිය වාර්තා වනවා.

අනෙක් වෙඩි තැබීම් වාර්තා වූයේ කොහුවල, තංගල්ල සහ මිදිගම ප්‍රදේශවලින් බවයි වාර්තා වන්නේ.  

ඉන් තිදෙනෙක් මියගොස්  ඇති අතර දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

(colombotimes.lk)