colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


වාරියපොළ ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ පෙරහැර 21 වනදා ඇරඹෙයි



වාරියපොළ, බමුණාකොටුව ගොන්නව ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය එළඹෙන 21 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එදින වලුමල් බැඳීමෙන් පසුව උඩමළුවේ පෙරහැර, කුඹල් පෙරහැර ආදී චාරිත්‍ර වතාවන් දින 15ක් පුරා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔක්තෝබර් 5 වනදා අලුයම කටුපොත සියඹලන්ගමුව, කොළමුණු ඔයේ දිය කැපුම් තොටින් ආරම්භ වී බමුණාකොටුව මංසන්ධිය හරහා රන්දෝලි පෙරහැර ගමන් කර ගොන්නව ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)