colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය ගත් තීරණය



අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විදේශීය සිසුන් සහ ශ්‍රමිකයන් ඇතුළුව රට තුළ තාවකාලිකව රැඳීසිටින පිරිස් අවම කිරීම මෙම  ක්‍රියාමාර්ගයට හේතු වී තිබෙන බවයි.

ඒ අනුව 2025 වන විට මෙම වසර මෙන් 10%කින් විදෙස් ශිෂ්‍ය බඳවාගැනීම් අවම කෙරෙන අතර එය 2023 වසරට සාපේක්ෂව 36%ක කප්පාදුවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කැනේඩියානු රජයේ මෙම පියවර මඟින් ඉන්දීය සිසුන්ට වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

(colombotimes.lk)