colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


කෙහෙළියගේ පුතාට අයත් නිවාස 2ක් ගැන අධිකරණයෙන් දුන් නියෝගය



හිටපු සෞඛ්‍ය ආමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අයත් සුඛෝපභෝගී නිවාස 2ක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ රමිත් රඹුක්වැල්ල විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණ 2ක් රුපියල් මිලියන 80 සහ රුපියල් මිලියන 65 බැඟින් මිලදී ගෙන තිබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවත් ඊට අදාළව එම දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

අනතුරුව එම ඉල්ලීම සලකා බලා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අදාළ දේපල දෙසැම්බර් 19 වනදා දක්වා තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)