01 July 2025

logo

මැතිවරණ රාජකාරී සඳහා බස් රථ 1,358ක් සේවයට



ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබා දීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර මැතිවරණයට අදාළ පොලිස් රාජකාරී කටයුතු සඳහා බස් රථ 175ක් ලබාදීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)