colombotimes.lk
සිංහල | English

22 October 2024


ඇල්පිටියේ ඡන්ද විමසීම එළඹෙන සෙනසුරාදා



ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම එළඹෙන සෙනසුරාදා (26) පැවැත්වෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ ප්‍රචාරක කටයුතු හෙට (23) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවයි.

එමෙන්ම නිහඬ කාලය ලබන 26 වනදා ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම දක්වා පවතින බවද මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

(colombotimes.lk)