colombotimes.lk
සිංහල | English

22 October 2024


හිටපු ජනපති රනිල්ව වගඋත්තරකරුවෙක් ලෙස නම් කරයි



2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (22) කැඳවනු ලැබුවා.

ඒ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පෙත්සම්වල වගඋත්තරකරුවෙක් ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)