ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කලා වැවේ හදිසි වාන් දොරටු විවෘත කර තිබෙනවා.
ජල ධාරිතාවය අක්කර අඩි 83,721ක මට්ටම පැමිණීම හේතුවෙන් එම හදිසි වාන් දොරටු දෙක විවෘත කළ බව කලා වැව භාර ඉංජිනේරුවරයා සඳහන් කළා.
වාන් දොරටු විවෘත කිරීමත් සමඟ තප්පරයට ගණ අඩි 1018ක ධාරිතාවයකින් කලා ඔයට ජලය නිකුත් වනවා.
(colombotimes.lk)