01 July 2025

logo

ජනපති හෙට ඉන්දියාවට



ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය හෙටින් (15) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු ලබන 17 වනදා දක්වා මෙම සංචාරයේ නිරත වීමට නියමිතයි.
 
මෙහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමඟ ද්විපාර්ශවිකව වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

දිල්ලිහි පැවැත්වෙන දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා ව්‍යාපාරික හමුවකට එක් වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)