හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ රජය විසින් ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පත් කර ඇති කමිටුව මඟින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක තක්සේරු වාර්තා සහ ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය දරන වැය බර සමාලෝචනයට ලක් කර ඇති බවයි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතු ආවරණය කිරීම සඳහා අනුයුක්ත කර සිටින පොලිස් නිලධාරීන්ගේ වැය බර වාර්ශිකව රුපියල් මිලියන 1,100ක් වන බවද එම නිවේදනයේ සඳහන්.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව මිලියන 326කට වැඩි වැය බරක් දරන බව දක්වා තිබෙනවා.
ඒ අනුව මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සඳහා ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා සංශෝධනය කර පවත්වාගෙන යාමට තීරණය කර ඇති ඇති බවයි වාර්තා වන්නේ.
එම සංඛ්‍යාවට අමතර වරින් වර කමිටුව රැස්වී තක්සේරු වාර්තා කැඳවා නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට හෝ වැඩි කිරීමට කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
(colombotimes.lk)