01 July 2025

logo

විපක්ෂ නායකවරයා කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තබයි



කථානායක අශෝක සපුමල් රන්වලට එරෙහිව සමගි ජන බලවේගය අද (13) විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.

ඒ කථානායකවරයා ආචාර්ය උපාධියක් ඇති බවට පවසමින් ජනතාව සහ රජය නොමඟ යැවූ බවට චෝදනා කරමින්.

මෙම විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අත්සන් තබා තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී අලවතුවල, අජිත් පී පෙරේරා, සුජිත් සංජය පෙරේරා, චතුර ගලප්පත්ති, ජගත් විතාන සහ හර්ෂණ රාජකරුණාද ඊට අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)