05 June 2025


අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්යසාධක බලකායක් ස්ථාපිත කරයි



ශ්‍රී ලංකාව ඉහළ ප්‍රතිශතයකින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම පිළිබඳව ප්‍රශංසනීය ප්‍රගතියක් අත් කර ගෙන තිබෙනවා. 

කෙසේ වෙතත් මේ වන විට 42,000කට අධික ගුරු හිඟයක් පැවතීමත්, ග්‍රාමීය සහ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල වැඩිවෙමින් පවතින අසමානතාවන් නිසාත් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ. 

මෙම තත්ත්වය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පද්ධතිමය පරිවතනයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව පැන නැගී තිබෙනවා. 

ශ්‍රී ලංකාව විවිධ ඩිජිටල් අධ්‍යාපන මුලපිරීම් ආරම්භ කර ඇතත් ඒවායේ පවතින අසංවිධිතාව හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වුණා. 

ඒ අනුව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා බද්ධ වූ ඒකාබද්ධ උපාය මාර්ගික ඩිජිටල් ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. 

ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්ගේ සාමාජිකත්වයෙන් හා අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. 


(colombotimes.lk)