06 June 2025


ශ්‍රී ලාංකිකයින් 148ක් ඊශ්‍රායලයට



ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 148දෙනෙක් පිටත්ව යාමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. 

එම කාර්යාංශය සඳහන් කළේ එලෙස ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 06 වන කණ්ඩායම මෙය බවයි. 

ඔවුන් කාණ්ඩ 3ක් යටතේ මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. 

මෙම පිරිසත් සමඟ ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව ශ්‍රි ලාංකික තරුණයන් 413දෙනෙක් සඳහා රැකියා අවස්ථා හිමිවී ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)