සමූපකාර බැංකු ඇතුළු සමූපකාර ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ඉදිරිපත් කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
ඒ ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙන් අනතුරුව අදහස් පළ කරමින්.
ලුණු හිඟයක් රට තුළ පැවතීම හේතුවෙන් පමණක් ලුණු ආනයනය කිරීමට අවසර ලබාදුන් බවත් ලුණු මිල හිතුමතේ වැඩි කළහොත් උපරිම සිල්ලර මිලක් පැනවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.