26 December 2024


මහ කන්නයේ පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්



මහ කන්නය සඳහා පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදීම අවසන් කර තිබෙනවා.

ඒ දිස්ත්‍රික්ක 23ක හෙක්ටයාර් 86,162ක් සඳහායි.

ගොවීන් 129,229 දෙනෙක් සඳහා රුපියල් මිලියන 1292.4ක් ලබාදී ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහන රාජපක්ෂ සඳහන් කළේ ඒ ඒ දිස්ත්‍රික්කවල වගා කටයුතු ආරම්භ වන ආකාරය අනුව ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදෙන බවයි.

පොළොන්නරුව, ගිරිතලේ සහ කවුඩුල්ල මහා වාරි ජලාශවල ජලය නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් එම ප්‍රදේශවලට පොහොර සහනාධාරය ලබාදීම ප්‍රමාද කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)