ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධූරයට කරගොඩ උයන්ගොඩ මෛත්රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේ තේරී පත්වී තිබෙනවා.
අමරපුර මහා නිකාය පාර්ශ්වීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මෙම සංඝ සභා රැස්වීම කලපළුවාව ගෝතම තපෝවනය විහාරස්ථානයේදී පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
එම සංඝ සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
(colombotimes.lk)