26 July 2025

logo

කෝටි 40ක මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයෙක් කොටුවෙයි



රුපියල් කෝටි 40ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ජාතිකයෙක් අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්. 

ඔහු 'හරිත මාවත' ( Green Channel) ගමන්කිරීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරු විසින් රැගෙන ආ ගමන්මල්ල තුළ හෂීෂ් කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 196ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 298ක් තිබී සොයාගෙන තිබෙන බවයි  වාර්තා වන්නේ. 

(colombotimes.lk)