29 April 2025


ලංගම හිටපු උප සභාපතිවරයෙක් අත්අඩංගුවට



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් වන එල්. ඒ. විමලරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

රාජපක්ෂ පවුලට අයත් බව කියන කතරගම නිවස සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.    


(colombotimes.lk)